පාසල් දැරියකට අනඟ රැඟුම් දැක් වූ STF කොස්තාපල් සහ නාවික හමුදා සෙබළාට වැඩ වරදී.

Sri Lanka Police STF Sri Lanka
By Wayomi Aug 12, 2023 06:46 AM GMT
Report

පාසල් දැරියකට ලිංගික හිරිහැර කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ හිටපු නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව සිට කඳාන දක්වා මගී ප්‍රවාහන බස් රථයක ගමන් කරමින් සිටියදී මෙම පාසල් සිසුවියට මෙලෙස ලිංගික හිරිහැර කර ඇති බවයි ජාඇළ පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයා පොලිස් විශේෂ කාර්ය බලකා කළුබෝවිල කඳවුරට අනුයුක්තව රාජකාරි කරන අයෙක් සහ හිටපු නාවික හමුදා සෙබලා මාතලේ ප්‍රදේශයේ පදිංචි 51ක් හැවිරිදි අයෙක්.

සැකකරුවන් දෙදෙනා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.