වානේ කම්බි මිලෙහි එකවර වූ වෙනස..

Sri Lanka Economy of Sri Lanka
By krishani Nov 13, 2022 03:40 AM GMT
Report

විශාල වශයෙන් මිල ඉහළ ගිය වානේ කම්බි ටොන් එකක මිල රුපියල් ලක්ෂයකින් පමණ මේ වනවිට පහත වැටී ඇත.

පසුගිය මාසයේ රුපියල් 575,000 කට පමණ අලෙවි වූ වානේ කම්බි ටොන් එකක මිල මේ වනවිට රුපියල් 475,000 දක්වා පහත වැටී ඇත.

ඒ අනුව පසුගිය මාසයේ රුපියල් 2000කට අලෙවි වූ මිලිමීටර් 10 වානේ කම්බියක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 1,635කට වන අතර රුපියල් 2,700කට පමණ අලෙවි වූ මිලිමීටර් 12 වානේ කම්බියක් රුපියල් 2,395 කට අලෙවි වේ.

එමෙන්ම මිලිමීටර් 16 වානේ කම්බියක මිල පහත වැටීමෙන් පසු අලෙවි වන්නේ රුපියල් 4,325 කට වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join