වනිදු හසරංගගේ නවතම තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්..!

By Sewvandhi Feb 23, 2022 12:12 PM GMT
Report

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ස්ට්‍රේලියාවේ හුදකලාකර ඇති ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ගේ නවතම තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ  කොවිඩ්-19 ආසාදනය වී හුදෙකලා වී සිටි වනිඳු හසරංගට ඊයේ (22) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී (RAT) ධනාත්මක ප්‍රතිඵලයක් ලැබුනු බවයි.

ඔහු සම්බන්ධයෙන් පසුව කරන ලද PCR පරීක්ෂණයකින් ද එම ප්‍රතිඵලය තහවුරු  වූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 

  වනිඳු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පළමු වරට සොයා ගැනුණේ 2022 පෙබරවාරි 15 වන දින සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදීයි.

එමෙන්ම වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර හුදෙකලා ව සිටින වනිඳු හසරංග මෙල්බන් නුවර වෙත මාරුකර යැවීමටත් පියවර ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම ඔහු සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉදිරි පරීක්ෂණවලදී වනිදු කොවිඩ් - 19 වෛරස ආසාදනයෙන් සම්පූර්ණයෙන්ම මිදී ඇති බව තහවුරු වන තෙක්ම ඔස්ට්‍රේලියාවේ රඳවාගෙන සිටින බවත් එම වාර්තාවේ සඳහන් වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වනිදු හසරංග සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පහලින්.

UPDATE ON WANINDU HASARANGA

Wanindu Hasaranga, who was in isolation after contracting Covid-19, has once again, returned a positive result when a Rapid Antigen Test (RAT) was conducted on the player yesterday (22nd) February.

A PCR test too confirmed the same result. He was first found to be positive during a Rapid Antigen Test (RAT) conducted on the 15th February 2022. The player was transferred to Melbourne from Canberra and will remain in isolation until he returns a negative PCR Test Report.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now