දිනකට පැය 4 ක විදුලි කප්පාදුවක්..? අමාත්‍ය ගම්මන්පිලගෙන් විශේෂ ප්‍රකාශයක්..!
අවම වශයෙන් 2022 මාර්තු වන විට ශ්‍රී ලංකාව විශාල USD ණයක් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් පැය 04 ක පමණ දෛනික විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ සඳහා අවශ්‍ය කැපකිරීම් කිරීමට දැන්ම රට සූදානම් විය යුතු බවත්, දේශපාලනඥයන් ආදර්ශයෙන් කැපකිරීම් කරමින් නායකත්වය දිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අඩුම තරමින් මෝසම් සමය අප්‍රේල් මාසයේ ආරම්භ වනතුරු හෝ දැනට පවතින සීමිත විදේශ සංචිතවලින් ඉන්ධන ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි ද අමාත්‍ය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෝසම් කාලය තෙක් මෙරටට ඉන්ධන යොදා විදුලිය නිපදවීමට සිදුවන බවයි. දවසේ පැය 24 පුරාම අඛණ්ඩ විදුලිය සැපයීම සහතික කිරීමේ මෙම උත්සාහය සැලකිල්ලට ගෙන, විශාල ණය මුදලක් ලබා නොගන්නේ නම් මාර්තු මාසය වන විට දිනකට පැය 04 ක පමණ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත.
“පසුව පැය හතරක විදුලි කප්පාදුවකට යනවාට වඩා දැන් සිටම පැය එකහමාරක කප්පාදුවක් ක්‍රියාත්මක කිරීම වඩා හොඳ නොවේද? දින දෙකක් තරු පන්තියේ හෝටල්වලින් පුරවාගෙන දින 28ක් බඩගින්නේ සිටිය යුතුද? එසේත් නැතිනම් සෑම දිනකම ආහාර වේල් තුනම ලබා ගැනීමට හැකි වන එළවළු සහ පලතුරු මිල දී ගෙන අපි නිවසේ ආහාර පිසීම කළ යුතුද? අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |