හිතාගන්නවත් බැරි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මහබැංකු අධිපතිවරයාගෙන්..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka Economic Crisis Sri Lanka
By krishani Apr 30, 2022 12:14 AM GMT
Report

මේ වන විට වැඩිම පාඩු ලබන ආයතන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ජාතික ජලසම්පාදන මණ්ඩලය හඳුනාගෙන ඇති අතර එම ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙය හොඳම අවස්ථාවක්ව බව මහ බැංකු අධිපති අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මාධ්‍යවේදියකු විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ඇතැම් අවස්ථාවලදී ව්‍යසනයන් අවස්ථාවන් ලබා දෙන බවයි.

මෙය එවැන්නක් බවත් මේ අවස්ථාවේදී එලෙස හඳුනාගත් හෝ රජයට බරක් වී ඇති රාජ්‍ය ආයතන සියල්ල ප්‍රතිව්‍යූහගත කර එම බරෙන් නිදහස් විය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ අවස්ථාවේ ඒ සඳහා කිසිවකුත් විරුද්ධ නොවන බවයි ඔහු කියාසිටියේ. එමෙන් ම රජය සතු ලාභ ලබන ආයතන තවදුරටත් ලාභ වැඩි කර ගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා කියාසිටියේ පසුගිය පෙබරවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් ව තිබුණු ආනයන වියදම මාර්තු මාසයේ දී ඇමරිකාණු ඩොලර් බිලියන 1.7ක් දක්වා පහළ වැටුණු බවයි.

එමෙන්ම එය අප්‍රේල් මාසයේ දී තවදුරටත් පහළ වැටෙනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළා. මෙලෙස මනා පාලනයකින් යුතුව විදේශ විනිමය කළමනාකරණය කරන්නේ නම් සහ ආනයන කළමනා කරන්නේ නම් ඒ හරහා ජාතික ආර්ථිකයට එල්ල වන පීඩනය බොහෝ දුරට අඩුකර ගත හැකි බවටත් ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම ඔහු අවධාරණය කරන්නේ මෙරට බදු ක්‍රමය අවම‍ තරමෙන් 2019 වසරේ ක්‍රියාත්මක වූ බදු ක්‍රමය කරා හෝ යා යුතු බවටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join