හදිසි නීතිය ගැන හදිසියේම නිවේදනයක්..

State of emagency
By Sithumi Apr 03, 2022 05:09 AM GMT
Report

හදිසි අවස්ථා නීතිය හා ඇඳිරිනීතිය පනවනු ලැබුවේ, සාමය, ජන ජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය ප්‍රකාශ කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්‍ය, පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටින බවයි. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමී ලෙස රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කොට ප්‍රවර්ධනය කිරීම රජය ප්‍රතිඥා දී පිළිගෙන ඇති ප්‍රතිපත්තියක්.

පසුගිය වසර දෙකට වැඩි කාලය තුළ ඒ බව ප්‍රායෝගික සනාථ වන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. හදිසි නීතිය සහ ඇඳිරිනීතිය ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්...,



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now


Gallery