හිමිනමක් ආරක්ෂාව ඉල්ලූ හේතුව..

By Sithumi Feb 17, 2023 05:30 PM GMT
Report

තමන්වහන්සේ ඉලක්ක කර පසුගිය දිනක එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්වහන්සේ කම්පනයට පත්වී සිටින බව පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පවසනවා.

එසේම නැගෙනහිර විහාරස්ථාන සඳහා සැපයෙන ආරක්ෂාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් තමන් වහන්සේට හැකි ඉක්මනින් ආරක්ෂ‍ාවක් සපයා දෙන ලෙසට ද උන්වහන්සේ බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ.

මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්, අම්පාර මංගලගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ කුටියක සැතපී සිටියදී පසුගිය දිනක රාත්‍රියේ එම කුටිය ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවුණු අතර වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ එම කුටියේ ජනේලයකටයි.