සියලු පක්ෂ එකතුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත සුවිශේෂී සාකච්ඡාව - වැඩි විස්තර මෙතනින්

Parliament of Sri Lanka Independent Party Ranil Wickremesinghe Sri Lankan political crisis
By Sewvandhi May 26, 2022 03:10 AM GMT
Report

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතව තිබේ.

හෙට පස්වරු 4.00ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයින්ට ආරාධනා කර තිබේ.

21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදි අදාළ සංශෝධනය සදහා පක්ෂවල එකගතාවක් ලබාගැනීමට අවශ්‍ය බැවින් පළමුවෙන් පක්ෂ නායකයින් සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට යෝජනා වුණි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළේ ඒ අනුව මේ වන විටත් 21 ව්‍යවස්ථා සංශෝධනය සියලු පක්ෂවලට ලබාදී ඇති බවය. හෙට දිනයේදී 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සියලු පක්ෂවල යෝජනා හා අදහස් ලබාගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ යෝජනා ද එක්කිරීමෙන් අනතුරුව 21 වන ව්‍යවස්ථා සංශෝධනය ලබන සදුදා දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් සම්මත කරගැනීමට සැලසුම් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now