කදුකර කොටියෙකු වැසිකිලියේ සිරවෙයි…

Sri Lanka Police Sri Lanka
By Sithumi Feb 26, 2023 06:06 PM GMT
Report

හැටන් පොලිස් වසමට අයත් හැරොල්ඩ් වතුයායේ වතු නිවාස පොලියක වැසිකිලියක කොටු වි සිටි කදුකර කොටි පැටවෙකු ආරක්ෂිත කුඩුවකට අල්ලා ගැනිමට නල්ලතන්නිය සහ නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් අද (26 ) පියවර ගෙන තිබෙනවා.

හැටන් පොලිසිය වෙත දැනුම් දි ඇත්තේ මාස හතරක් පමණ වයසැති කදුකර කොටි පැටවා වැසිකිලියක සිර වි සිටියදි වතු කම්කරුවෙකු කදුකර කොටි පැටවා දැක වැසිකිලියේ දොර වසා දමා ඇති බවයි.

නල්ලතන්නිය සහ නුවරඑලිය වනජිවි කාර්යාල නිලධාරින් හැටන් හැරොල්ඩ් වතුයායට පැමිණ කදුකර කොටි පැටවා ආරක්ෂිත දැල් කුඩුවකට අල්ලා කදුකර කොටි පැටවා සිය මව වෙසෙන ප්‍රදේශයකට මුදා හැරිමට රැගෙන ගොස් තිබෙනවා.

හැරොල්ඩ් වතුයාය අවට කදුකර කොටියන් නිරත සැරි සරන බවත්, තම නිවාස වල සුරතලේට ඇති කරන සුනඛයින් වරින් වර අතුරුදහන් වන බවයි එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටියා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now