උසස් පෙළ ගම්පහ තෙවැනියා, ඔස්ට්‍රේලියාවේ දි රිය අනතුරකින් ජීවිතක්ෂයට...
ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ .
මියගිය සිසුවා විසින් පදවගෙන ගිය මෝටර්රථය අනතුරකට ලක්වීමෙන් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවූ ඉසුරු ජීවන්ත නැමැති සිසුවෙකි.
ඔහු ශ්‍රී ලංකාවේ අත්තනගල්ල වල්පොළ ප්‍රදේශයේ පදිංචිව තරුණයෙකි.
ඉසුරු උසස්පෙළ ගණිත අංශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානය හිමිකරගනිමින් මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුලත්ව ඇත.
පසුව දෙවසරක් එහි අධ්‍යාපනය හැදෑරු ඉසුරු වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාව බලා ගොස් ඇත.
එරට විශ්වවිද්‍යාලයකට ඇතුලත්ව අධ්‍යාපනය හදාරමින් සිටි මෙම සිසුවා එම කටයුතු නිමා කිරීමට තවත් මාස දෙකක් පමණක් ඉතිරිව තිබියදී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ අතර ඔහුගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ඔහුගේ මිතුරන් විසින් අරමුදලක් ද පිහිටුවා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |