හදිසි වැටලීමක්.. පොලිස් නිළධාරුයෙකුට වෙඩි වදියි..

Police stf shout
By Sithumi Feb 12, 2022 12:01 PM GMT
Report

වැටලීමක් සඳහා ගොස් සිටි පොලිස් නිලධාරියෙකුට අද (12) දහවල් වෙඩි වැදී තිබේ. බදුල්ල කහටරුප්ප හෙට්ටියගල ප්‍රදේශයේ ගංජා වැටලීමක් සඳහා ගොස් සිටියදී එම නිලධාරියාට වෙඩි වැදී ඇත. එම නිලධාරියා බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකි.

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් එම නිලධාරියාට වෙඩි වැදී ඇත. ඉන් ඔහුගේ පාදයකට බරපතළ තුවාල සිදුවී ඇති අතර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගිනිඅවියේ හිමිකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now