හැමොගෙම වාහන හීනේ සැබෑ වෙයි.. මෙරටින් නිකුත් කරන අලුත්ම වාහනය මෙන්න.. ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

srilanka vehicles Buisiness
By Sithumi Feb 03, 2022 05:12 PM GMT
Report

කර්මාන්ත 2022'' ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ආරම්භ වුණි. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ පරිශ්‍රයේදීය.

කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එය සංවිධානය කර තිබේ. මෙරට ප්‍රමුඛතම කර්මාන්ත ක්ෂේත්‍ර 20ක් නියෝජනය කරන ඉදිරිපෙළ කර්මාන්තකරුවන්ගේ කුටි 400කින් ප්‍රදර්ශනය සමන්විතය. දේශීය කර්මාන්තකරුවන් මෙරටදී නිෂ්පාදනය සහ එකලස් කරන ලද රථ වාහන ප්‍රදර්ශනය කිරීම ද සමාරම්භක උළලට සමගාමීව සිදුකෙරුණි.

මේ සඳහා එක්ව සිටි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ, "වාහන එකලස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති කර්මාන්ත සුළු ප්‍රමාණය වෙනුවන සමාගම් 12ක් පමණ මේ වනවිට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ ඉදිරියට යමින් සිටිනවා." "විදේශ විනිමය අර්බුදය විසින් අද අපට බලකරලා තියෙනවා අකමැත්තෙන් හෝ ආනයන සීමා කරන්න." 

 "ඒ තුළින් කෙටිකාලීන අපහසුතා මතුවුණත් දේශීය අවශ්‍යතා සපුරාලමින් ඇතැම් කර්මාන්ත ඉදිරියට යමින් තිබෙනවා." "තමන් උපන් රටට බරක් වෙන්න ගොඩක් අයට පුළුවන් වුණාට.. මාතෘ භූමියට අගය එකතු කරන්න හැමෝටම බැහැ." එළඹෙන 6වනදා තෙක් ප්‍රදර්ශනය පැවැත් වෙයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now