ශ්‍රී ලංකා කාන්තා පිළ අපරාජිතව ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට...

Sri Lanka Cricket Chamari Athapaththu ICC Women’s T20 World Cup Cricket Record
By Sithumini Jul 24, 2024 04:25 PM GMT
Report


මේ දිනවල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ආසියානු කුසාලන කාන්තා ක්‍රිකට් තරගයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ තායිලන්ත පිළ කඩුළු 10කින් පරාජය කරමින්.

තරගයේ කාසියා වාසිය දිනාගනු ලැබූ තායිලන්ත පිළ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි තායිලන්ත පිළ නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුළු 7 ක් දැවී රැස්කළේ ලකුණු 93ක් පමණයි.

ජයග්‍රාහී ලකුණු 94ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවා 11යි පන්දු 03ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 94ක් ලබා සිය ජය තහවුරු කළා..

ආසියානු කුසලාන කාන්තා තරග නැරඹීමට නොමිලේ අවස්ථාව සලසා දුන්නත් තවමත් එතරම් ප්‍රේක්ෂකාගාරයක් දක්නට ලැබෙන්නේ නෑ.

කෙසේ වෙතත් අපේ ක්‍රීඩිකාවන් ඉතාම දක්ෂ ලෙස අභියෝග මධ්‍යයේ සුවිශේශි ජයක් මෙරටට අත්කර දුන්නා.