පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා වලට එංගලන්තයට ගිය 10 දෙනෙක් අතුරුදහන්

By Sithumi Aug 07, 2022 06:10 PM GMT
Report

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍ය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් 10 දෙනෙක් මේ වනවිට අතුරුදන් වී ඇති බව ඒ එෆ් පී පුවත් සේවය වාර්තා කරනවා.

මෙලෙස අතුරුදන්වූවන් බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ උත්සාහයක් දරා ඇති බවටයි සැලකෙන්නේ.

ජූඩෝ ක්‍රීඩිකාවක් , ඇගේ කලමනාකරු සහ මල්ලවපොර ක්‍රීඩකයෙක් අතුරුදන් වූ බව පසුගිය සතියේ වාර්තා වුණා.

මීට පෙර අතුරුදන් වූ තිදෙනා රැඳී සිටින ස්ථානය බ්‍රිතාන්‍ය පොලිසිය මගින් හඳුනා ගත්තද ඔවුන්ට මාස 6කට වලංගු වීසා බලපත්‍ර හිමිව තිබීම සහ එරට කිසිදු නීතියක් උල්ලංඝනය නොකිරීම නිසා ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග නොගත් බව ඒඑෆ්පී පුවත් සේවය වෙත තොරතුරු ලබා දුන් ක්‍රීඩා බලධාරියා පවසා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now