ප්‍රවේසමෙන්.. කාලගුණයෙන් දැඩි අනතුරු ඇගවීමක්..

By Sithumi Oct 13, 2022 04:54 PM GMT
Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර දැනට ලැබී ඇති වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ආශ්‍රිතව වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 159.0කි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර ඇති අතර ගාල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල හඳුනාගත් ප්‍රදේශ සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Gallery