වසර 27කට පසුව ලැබූ දැවැන්ත ජයග්‍රහණය...
සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 110ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
විශාල පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම නැගිටීම විශ්මයජනකයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (07) පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී ලබාදුන් ලකුණු 249ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26.1කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138ක් පමණයි.
ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ලකුණු සමව අවසන් වුවත්, ඉතිරි තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණේ කාගෙත් කතා බහට ලක්වෙමින්.
මෙම ජය සැලකෙන්නේ වසර 27කට පසුව ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ලද පළමු එක්දින තරගාවලි ජය ලෙසයි
දැඩි පසුබෑමකට ලක්ව සිටි ඔවුන් කඩිනමින් මෙවැනි විශිෂ්ඨ වාර්තාමය ජයකට හිමිකම් කීම ඉතා සුවිශෙව්ෂි වනවා.