සිය දරුවන්ගේ පෙනීම නැති වී යාමට පෙර දෘශ්‍ය මතක පුරවන්නට ලොව පුරා යන පවුලක සංවේදී කතාව..

By Sithumi Sep 30, 2022 02:14 PM GMT
Report

සිය දරුවන් හතර දෙනාගෙන් තිදෙනෙකු අන්ධභාවයට පත් කරන ජානමය රෝගයකින් පෙළෙන බව හඳුනාගත් මව සහ පියා එම දරුවන්ට හැකි තරම් දෘශ්‍ය මතකයන් ලබා දීමට තීරණය කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. 

 මෙම රෝගය – රෙටිනයිටිස් පිග්මන්ටෝසා (Retinitis Pigmentosa) – උපතේ සිට මිනිසුන්ට ඇති තත්වයක් වන අතර, එයට හේතු ජාන වාහකයන්ගේ ඇතිවන ආබාදයක් වුවත් මෙය බොහෝ විට කිසිදු රෝග ලක්ෂණයක් හෝ රෝග කාරකයක් නොපෙන්ව බවයි පැවසෙන්නේ. එම නිසා සිය දරුවන්ට හැකි තරම් දෘශ්‍ය මතක පුරවන ලෙසට පවුලේ වෛද්‍යවරයාද උපදෙස් ලබා දී තිබෙනවා.

එඩිත් සහ සෙබස්තියන් යන දෙමව්පියන් ඒ අනුව තම ළමුන්ට හැකි තරම් දෘශ්‍ය මතකයන් ලබා දීමේ අරමුණින් තම පවුල ලෝක සංචාරයක් ගෙන යාමටයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව මෙම පවුල ඔවුන්ගේ වසරක සංචාරයේ මාස හයක් මේ වන විට ගතකර ඇති අතර මේ දක්වා ඔවුන් නැමීබියාව, සැම්බියාව, ටැන්සානියාව, තුර්කිය, මොංගෝලියාව සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරය කර ඇති බව සඳහන්.