ඔන්න පරිස්සමෙන්... අද දවසේ වෙන දෙයක් ගැන දැනුම්දීමක්...

By Sithumini Aug 23, 2024 06:42 AM GMT
Report

මේ දිනවල දිගින් දිගටම විවිධ ප්‍රදේශවලට වැසි ඇද හැලෙමින් පවතිනවා. මේ හේතුවෙන් කළුතර රත්නපුර මාතර හලාවත යන ප්‍රදේශවලින් පසුගියදා ජලගැලීම්ද වාර්තා වුණා.

කෙසේවෙතත් අද (23) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

තවද නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව නිකුත්කළ නවතම නිවේදනය්‍රෙ සදහන්.

විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් අතර තරමක තද සුළං ද ඇතිවිය හැකි බැවින් ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙසයි ඔවුන් දැනුම්දෙන්නේ.

එමෙන්ම මේ හේතුවෙන් ඇතිවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙසදා කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව දැනුම්දෙනවාං