දේශීය සනීපාරක්ශක තුවා සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය හෙට

By Sithumi Oct 09, 2022 11:00 AM GMT
Report

දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ඔක්තොම්බර් මස 7වන දින සිට ක්‍රියාත්මක වන පරිදි යි.

මේ අනුව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පොලිඑතලීන් පටල සහ පොලිප්‍රොප්ලීන් පටල යටතේ වර්ගීකරණය වන අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී බදුවලින් නිදහස් කර තිබෙනවා.

අදාළ භාණ්ඩ කර්මාන්ත විෂය භාර අමාත්‍යංශ ලේකම්ගේ නිර්දේශ මත රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටතේ බදුවලින් නිදහස්ව ආනයනය කිරීමට හැකියාව මේ තුලින් සැපයෙන බව සඳහන්.