ඔන්න ඔබට නැවතත් මහ වැස්ස ගැන අනතුරු ඇගවීමක්...

By Sithumini Jul 13, 2024 04:05 PM GMT
Report


ඉදිරි පැය 24 සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එහිදී ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

මේ අතර අද පස්වරුවේ මහනුවර නගරයට ඇදහැලුනු අධික වැසි සමග මහනුවර දුම්රිය ස්ථානය හා බෝගම්බර බස් නැවතුම ඉදිරිපිට මාර්ගය වැසි ජලයෙන් යටවී තිබෙනවා.

මහනුවර පොල්ගොල්ල මහවැලි ජලාශ වේල්ලේ දොරටු 04ක් විවෘත කළ බව ලංකා මහවැලි අධිකාරිය පවසන අතර මධ්‍යම කඳුකරයට තද වැසි‍ ඇදහැලීම හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ කර තිබුණා.