අගමැති ඉල්ලා අස් නොවන්නේ නම් පන්නා දමව්, මල්වතු පාර්ශවයෙන් විශේෂ ප්‍රකාශයක්....

By Sithumi Apr 29, 2022 05:58 PM GMT
Report

අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවීම සදහා අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථාව අනුව ඉල්ලා අස්විය යුතු බව සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ කියා සිටිති.

එසේ ඉවත් නොවන්නේ නම් පකිස්තානය ආකාරයේ විශ්වාස බංග යෝජනාවකින් ඉවත් කළ යුතු බව ද උන්වහන්සේ පැවසූහ. 

ආණ්ඩුවෙන් ස්වාධීන වන බවට දැනටමත් දැනුම් දී තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දසදෙනෙකු අස්ගිරි මල්වතු මහනාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now