නව ජනපති උතුරේ කරන්න යන වෙනස...

By Sithumi Sep 05, 2022 03:18 PM GMT
Report

උතුරේ සිටින හමුදා පිරිස් අදියරෙන් අදිර අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ටෙලෝ සංවිධානයට පවසා තිබේ.

උතුරේ ඉඩම් ආක්‍රමණය වහා නතර කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පවසා ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ටෙලෝ සංවිධානයේ සාමාජිකයන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්චාවකදී ඒ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක කරුස්වාමීන් සුරේන්දිරන් මහතා සඳහන් කරන්නේ දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් තොරතුරු ජනාධිපතිවරයාට භාර දුන් බවත්, ඔවුන්ගෙන් 24 දෙනෙකු දඬුවම් නියම ව බන්ධනාගාර ගත කර ඇති නිසා ඔවුන් නිදහස් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇති බවත් පෙන්වා දී පෙන්වා දුන් බවයි.

ඩයස්පෝරා සංවිධාන තහනම ඉවත් කිරීම පමණක් ඔවුන්ට මෙරට ආයෝජනයට යොමු වීම සඳහා ප්‍රමාණවත් නැති බවත් ඒ සඳහා දේශපාලන සුරක්ෂිතභාවය ඇති ව්‍යුහයක් සකස් කළ යුතු බවද තම පිරිස ජනාධිපතිවරයාට පෙන්වා දුන් බවද හෙතෙම පැවසීය.