ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ තීරණයට ජනපති සිය ස්ථාවරය පළකරයි

Ranil Wickremesinghe President of Sri lanka Presidential Update Sri Lanka Presidential Election 2024
By Sithumini Jul 04, 2024 05:47 AM GMT
Report

2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ජනපති  ධූර කාලය වසර 5කට සීමා වන බව තම ස්ථාවරය වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට තමා සහාය පළ කරන බවද ජනාධිපතිවරයා දන්වා තිබෙනවා.

ජනපති ධුර කාලය ගැන නිර්වචනයක් ලැබෙන තුරු ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් නොකරන්නැයි ඉල්ලා ව්‍යාපාරිකයකු ඊයේ ගොනු කළ පෙත්සමට අදාළව ජනපතිට එරෙහිව විපක්ෂය එල්ල කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ජනපතිවරයා අද මේ නිවේදනය සිදුකර තිබෙනවා.

අදාල සම්පූර්ණ නිවේදනය පහතින්,



Gallery