පොලිස් නිළධාරින්ට සතුටුදායක පුවතක්..

By Sithumi Dec 19, 2022 03:18 PM GMT
Report

පොලිස් නිලධාරීන් 9,417ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.  

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව පොලිස් නිලධාරීන් 8,312ක් සහ නිලධාරිනියන් 1,105ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට නියමිතව ඇත. 

  එම නිලධාරීන් සහ නිලධාරිනියන් පොලිස් කොස්තාපල් සහ පොලිස් පරීක්ෂක තනතුරුවල මේ වනවිට සේවයේ යෙදී සිටි.