ඔන්ලයින් අපරාද කරන විශාල පිරිසක් අත්අඩංගුවට.. ඔන්ලයින් පනතත් ගැසට් කෙරේ..

Parliament of Sri Lanka Cyber Attack Crime Branch Criminal Investigation Department Online business
By Sithumini Aug 02, 2024 04:20 AM GMT
Report


අන්තර්ජාලය යොදාගෙන සිදුකරන අපරාධ ඔන්ලයින් අපරාධ යටතට ගැනෙනවා.

අන්තර්ජාලය හරහා අපරාධ සිදුකිරීමෙන් චීන ජාතිකයින් ඇතුළු 08 දෙනෙකු ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගාල්ල පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ ගාල්ල වරාය පොලිස් වසමේ උඩුගම ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක් පරීක්ෂා කිරීමේදීයි.

අත්අඩංගුවට ගත් 6දෙනෙකු චීන ජාතිකයින් වන අතර අනෙක් දෙදෙනා කසකස්තාන සහ කිර්ගිස්තාන ජාතිකයින්.

මෙම සැකකරුවන් අවුරුදු 24 හා 36 අතර වයස්වල පසුවනවා. සැකකරුවන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 09ක්, ජංගම දුරකථන 73ක් හා සිම්පත් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කළා.

සැකකරුවන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 09ක්, ජංගම දුරකථන 73ක් හා සිම්පත් විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගැනුණා.

මේ අතර පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබදව පනත් කෙටුම්පත ගැසට් කරග තිබෙනවා එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණා.

ඒ අනුව මෙම පනත්කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.