නුගේගොඩ සිදුවූ සොරකම...
අංක වෙනස් කළ තී රෝද රථයෙන් පැමිණ කිරි බෝතල් සොරා ගැනීම සීසීටීවී දර්ශන සමඟ නුගේගොඩ දෙල්කඳ හංදියේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරිකින් එක් ලක්ෂ 80000 වටිනා කිරි බෝතල් තොගයක් සොරා ගත් සැකකරුවන් සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.
එලෙස සොයාගත් කිරි බෝතල් තොගයෙන් බෝතල් 12 ක් සහ සොරකමට යොදාගත් ලියා පදිංචි අංකය වෙනස් කරන ලද තිරෝද රථය ද පොලිස් බාරයට ගෙන තිබෙනවා. කළු පාට ස්ටිකර් අලවා තීරෝද රථරථයේම ලියාපදිංචිය අංකය වෙනස් කර තිබූ බව පොලිසිය පවසනවා.
ඉකුත් 30 දහවල් කාලයේදී කිරි බෝතල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ වෙළඳ සැලක් ඉදිරිපිට නවතා රියදුරු සහ සහයක වෙළඳසැලට ගිය අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයෙන් ලොරි රථය අසලට පැමිණ ලොරියේ දොර හොර රහසේ විවෘත කර කිරි බෝතල් තොගයක් සොරා ගෙන ගොස් තිබුණු අතර ඒ සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන අනුව සිදුකළ විමර්ශනවලදී එම ත්‍රිරෝද රථය හඳුනාගෙන වැල්ලම්පිටිය කලු පාලම අසලදී සැකකරුවන් දෙදෙනා සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
සොරා ගත් කිරි බෝතල් තොගයෙන් 12ක් එක් සැකකරුවෙකු ගේ වැල්ලම්පිටිය වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ නිවස තුළ සඟවා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී අනෙක් සියලුම කිරි බෝතල් අඩු මිලට විවිධ පුද්ගලයන් වෙත ලබාදී මුදල් ලබාගත් බව අනාවරණය වී තිබීණු අතර සැකකරුවන් දෙදෙනා තදින් අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවයි වාර්ථා වන්නේ.