ජාතික රෝහලෙන් මතුවූ ආණ්ඩු විරෝධි දෙය..

By Sithumi Jul 03, 2023 04:13 PM GMT
Report

කොළඹ ජාතික රෝහලේ වැඩ අංශයේ සඟවා තිබු ආණ්ඩු විරෝධතා පුවරු සහිත පෝටර් 136 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසනවා.

සෞඛ්‍ය ආමාත්‍යාංශයේ විමර්ශන නිලධරීන් කණ්ඩායමක් විසින් අද (4) පෙරවරුවේ ජාතික රෝහලේ 11 ගේට්ටුව අසල පිහිටි වැඩ අංශය පරික්ෂා කිරීමේ දී මෙම පෝස්ටර් තොගය සොයාගෙන තිබෙනවා.

විවිධ සටන් පාඨ සහිත මෙම පෝස්ටර් ඉදිරියේ පැවැත්වෙන උද්ඝෝෂණ වෙනුවෙන් සක්ස්කර ඇති ඒවා බවට සැකකෙරෙනවා. විම්ර්ශන නිලධාරීන් විසින් මෙම පෝස්ටර් තොගය වැඩිදුර විමර්ශනක සදහා මරදාන පොලිසියට බාර දී ඇති අතර මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඇපලතොටුව මහතාගේ නියමයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා.