බැස්ටියන් මාවතේ වෙඩි තැබීම ගැනත් තොරතුරු එළියට?
Sri Lanka Police
Sri Lanka Police Investigation
Ministry of Defense Sri Lanka
By Sithumi
පිටකොටුව, බැස්ටියන් මාවත බස් නැවතුම්පොල ආසන්නයේ අද (30) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කැලේදිවුල්වැව, මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචි ලක්ෂිත විරාජ් ලියනගේ නම් 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ ලක්ෂිත කමාන්ඩෝ සෙබළකු ලෙස සේවය කර නීත්‍යාණූකූළව සේවයෙන් ඉවත්වී කොළඹ ප්‍රදේශයේ සුපිරි අවන්හලක සේවය කර ඇත.
සුපිරි අවහන්හලේ දී ඇති වූ වැටපු ආරවුල සම්බන්ධයෙන් ලක්ෂිත විරාජ් හා අදාළ අවන්හලේ සේවකයින් පිරිසක් වෙත කුරුඳුවත්ත පොලීසිය මගින් නඩු පවරා ඇති අතර, අදාළ නඩුවට පෙනී සිටිමට ගොස් නැවත එමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ලක්ෂිතවිරාජ් ජීවිතක්ෂයට පත්ව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |