මුදල් කමිටු තවත් දෙකක මුල් පුටු හමුවූ පක්ෂය..

By Sithumi Oct 08, 2022 05:00 PM GMT
Report

පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු මෙන් ප්‍රධාන මුදල් කමිටු තවත් දෙකක් පිහිටුවීමට සූදානම් වෙයි. මෙම කමිටු දෙකේ සභාපති ධූර විපක්ෂයට ලබාදීමට ආණ්ඩුවේ ප්‍රධානීන් දැනටමත් එකඟවී ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචිමාර්ග වලින් පැවසේ.

රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කිරීම සහ ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීම මෙම කමිටු දෙක පිහිටුවීමේ අරමුණ වේ. මේ අතර රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති ධූරය සමගි ජන බලවේගයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතාට හිමිවිය.

ඒ සඳහා ආණ්ඩුවේ ප්‍රධානින්ගේද අනුමැතිය හිමිවූ බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. මුදල් කමිටු වල සභාපති ධූර විපක්ෂයට ලබාදෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු පාර්ලිමේන්තුවේදී පසුගිය කාලයේ නොයෙක් වර ඉල්ලීම් කළහ.