මල්වතු හිමියන්ගෙන් අවදාරනාත්මක චෝදනාවක්..

By Sithumi සති 1 කට පෙර

මල්වතු අස්ගිරි මහාවිහාර පාර්ශ්වයන්හි මහානායක ස්වාමීන් වහන්සේලා පිළිබඳව සිදුකරන පදනම් විරහිත, ද්වේශ සහගත සහ පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගත් ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ බව සඳහන් කරන්නේ මල්වතු මහා විහාරීය, විංශද්වාර්ගික කාරක සංඝසභික රාජකීය පණ්ඩිත, දර්ශනපති,මහවෙල රතනපාල ස්වාමීන් වහන්සේ විසින්.

ශාසනික ප්‍රතිපදාවන් පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති බුද්ධ චීවරයේ ගෞරවය කෙලෙසන අඥාන, අවිචාරවත් පුද්ගලයින් සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා මහජනතාව බුද්ධිමත්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවයි එහි දැක්වෙන්නේ.