ආසියානු වීර ක්‍රිකට් ශුරයන්ගෙන් අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ 5ක්..
By Sithumi
මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක් ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ 5ක චෙක්පතක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දී තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක මේ වනවිට පැවැත්වෙන උත්සවයකදීයි. ආසියානු ක්‍රිකට් හා නෙට්බෝල් ශූරයින්ට සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරයින් වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.
එසේම ජයග්‍රාහී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රුපියල් මිලියන 2ක් මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන10ක්, ලෝකඩ පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන 5ක් සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට 25%ක් වශයෙන් වන මුදලක් ක්‍රීඩා අරමුදලින් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.