කුරුන්දි විහාරය අසල අද හටගත් උණුසුම් තත්වය.

By Sithumi Jul 14, 2023 03:20 PM GMT
Report

මුලතිව් දිස්ත්‍රීක්කයේ පිහිටි ඓතිහාසික කුරුන්දි විහාරයේ දේශපාලන නියෝජිතයින් ඇතුලු ප්‍රදේශවාසීණ් පිරිසක් විසින් අද (14) පොංගල් උත්සවයක් පැවත්වීමට ගත් උත්සහයක් හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාවයක් මැඩපැවත්වීමට හැකි වූ බවට මුලතිව් පොලීසිය පවසනවා.

කුරුන්දි විහාර භූමියේ කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් විසින් පොංගල් උත්සවයක් පැවත්වීමට උත්සහ ගන්නා බවට එම විහාරස්ථානයේ විහාරාධිපති ගරු ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් විසින් මුලතිව් පොලීසියට පසුගිය 11 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර පසුව ඊයේ (13) දින මුලතිව් පොලීසිය විසින් මුලතිව් අධිකරණයට කරණු දක්වමින් අද දිනයේදී පොංගල් උත්සවය නැවත්වීමට අධිකරණ නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේ යම් නොසන්සුන්තාවයක් ඇතිවේයැයි යන බලාපොරොත්තුවෙන්.

කෙසේ වෙතත් මුලතිව් අධිකරණයෙන් අදාල අධිකරණ තහනම් නියෝගය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අද උදෑසන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් ඇතුලු ප්‍රදේශවාසී ආධාරකරුවන් පිරිසක් විසින් පොංගල් උත්සවයක් පැවත්වීමට පැමිණීමත් සමග කුරුන්දි විහාරයේ රැස්ව සිටි භීක්ෂූන් වහන්සේලාගේ ආගමික කටයුතුවලට බාධා එල්ල වුණා.

විහාරාධිපති හිමියන් ඇතුලු තවත් භික්ෂූන් වහන්සේලා විසින් බුද්ධ පූජාමය වැඩසටහනකට එක්ව සිටි අතර එම අවස්ථාවේදී පැමිණි පරිස් විසින් පොංගල් උත්සවයක් පැවත්වීමට යාමේදී යම් නොසන්සුන් තාවයක් ඇතිවුණා. එහිදී එම ස්ථානයට පුරාවිද්‍යා නිලධාරීන් සහ මුලතිව් පොලීසිය පැමිණි අතර පුරාවිද්‍යා නිලධාරීන් විසින් එම භූමියේ ගිනි දැල්වීම ඇතුලු නීතිවිරෝධී බාවය ප්‍රකාශ කර සිටියහ.

එහිදී පැමිණි පිරිස් විසින් ගිනිදැල්වීමට යාමේදී උණුසුම් තත්වයක් හටගත් අතර එහිදී පොලිස් නිලධාරීන් විසින් සාමයට බාධාවක් කොට පුරාවිද්‍යා භූමියේ නීතිය කඩකරන අදාල පිරිස් අත්අඩංගුවට ගන්නා බවත් වහාම නීතිවිරෝධී කටයුතු නවතන ලෙසට පවසා සිටියා අනතුරුව පැමිණි පිරිස් විසින් කුරුන්දි විහාර භූමියේ ගිනිනොදල්වා මල් මාලා පමණක් පූජාකොට විසිරගොස් තිබුණා.