අන්තර්ජාලය භාවිතය ගැන ඇහෙන භයානක කතාව.. අන්තර්ජාලය භාවිතයේදි ඔබත් මේ ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න.

Apple Facebook Google Technology
By Sithumini Jul 06, 2024 04:15 AM GMT
Report


තාක්ෂණය දියුණුවත් එක්ක අපි බොහෝ දෙනෙක් මෙව් වෙද්දි අන්තර්ජාලය පරිහරණය කරනවා. ඇතැම් අයට මේ වන විට අන්තර්ජාලය නැතුව බැරි දෙයක් වෙලා. කොහොම වුණත් ඒ සම්බන්ධයෙන් මේ වන විට ඉතාම වැදගත් කාරණාවක් ඉස්මතු වෙලා තියෙනවා.

වසරේ ගතවූ මාස 5ක කාලසීමාව තුළ අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක් වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි 7,916 ක් වාර්තා වී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුගල මහතා සඳහන් කළේ.

මාස දෙකක් ඇතුළත ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි විශේෂයෙන් ළමා ලිංගික හිංසන 27 ලැබී ඇති බවයි ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරමින් චරුක දමුණුගල මහතා සඳහන් කළේ.

එම පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට යොමු කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

අද වෙද්දි අන්තර්ජාලට භාවිත කිරීම අත්‍යවශ්‍ය දෙයක්ම නිසා ඒ ගැන පහතපරිදි අවධනය යොමු කරනවනම් ඔබටත් ආරක්ෂ විය හැකියි..

මෙහිදි වැදගත් දේ තමයි අපි අන්තර්ජාලය භාවිතයේදි සැලකිළිමත් විය යුතු කරුණු මොනවද?

  • නාඳුනන අයගෙන් ලැබෙන කිසිදු ඇමුණුමක් විවෘත නොකිරීම
  • HTTPS සක්‍රියව නොමැති සැක සහිත වෙබ් අඩවි වලට පිවිසීමෙන් වැළකීම
  • විශ්වාසදායක ප්‍රභවයන්ගෙන් පමණක් මෘදුකාංග බාගත කිරීම සහ නොමිලේ ලබාදෙන යෙදුම් සහ වැඩසටහන් ස්ථාපනය කිරීමට පෙර ඒවා ගැන සැලකිලිමත් වීම
  • ඔබගේ අන්තර්ජාල ගිණුම් තුළ පෞද්ගලිකත්වය සහ ආරක්ෂක සැකසුම් නිසි ලෙස යොදා ගැනිම උදා: විද්‍යුත් තැපෑල, සමාජ මාධ්‍ය ආදිය)
  • මුරපද භාවිතයේදි පහසු මුරපද භාවිත නොකිරීම
  • ඊමේල් සහ වෙබ් පිටු වල නොදන්නා සබැඳි ක්ලික් කිරීමෙන් වැළකීම