ගිනි කන්දක් උඩ දැවෙන මිනිසුන් ගැන රාජ්‍ය පරිපාලන ලේකම් කියූ හිතට වදින කතාව

Government Employee Government Of Sri Lanka
By Sithumi May 29, 2022 02:47 PM GMT
Report

පවතින ආර්ථික අර්බුදය හමුවේ ලබන මස ව්න විට බොහෝ සේවකයින් තව තවත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙනු ඇතැයි රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසනවා.

ලොව බොහොමයක් රටවල ආහාර නිෂ්පාදනය තව දුරටත් බිඳ වැටෙන යුගයක එළඹෙන යල කන්නයේ අස්වැන්න තවත් අඩු විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.බංගලාදේශය වැනි රටවල 5%ක් පමණ වන අතිරික්ත ආදායම මෙරට සමස්ත ආදායමට සමාන වන තත්වයක ශ්‍රී ලංකාවද ලොව අනෙක් රටවල මෙන් දැඩි ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බව එතුමා පවසනවා.   

ප්‍රවාහන වියදම් ඇතුලු රාජ්‍ය සේවකයින්ගේ බොහෝ වියදම් වැඩි බව තමා පිලිගන්නා බවයි ඔහු කියා සිටින්නේ.එබැවින් මේ අවස්ථාවේදී සිදු කල යුත්තේ පඩි වැඩි කිරීම නොව ඒ ගැන අවධානය යොමු කරමින් සහන සැලසීම බව ඔහු අවධාරණය කරනවා.