ගාලුමුවදොර සිද්ධියෙන් පසු රෝහල්ගත කළ දරුවාට සිදු වූ දෙ..

By Sithumi Oct 10, 2022 06:23 PM GMT
Report

ගාලුමුවදොරදී ඊයේ (09) ඇතිවූ නොසන්සුන්තාවය අතරතුර රෝගී තත්ත්වයට පත්වුයේ යැයි පවසමින් රිජ්වේ ආර්යා ළමා රෝහලට දරුවෙක් ඇතුළත් කෙරිණි.

එම දරුවාට අභ්‍යන්තරව හෝ බාහිරව කිසිදු රෝගි තත්ත්වයක් නොමැති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය. "දරුවාට බාහිර හෝ අභ්‍යන්තර කිසිදු රෝගී තත්ත්වයක් එහෙම නැත්නම් කිසිම තුවාල තත්ත්වයක් ඇතිවෙලා නෑ. දරුවා හොඳ තත්ත්වයේ ඉන්නවා.

මේ තත්ත්වයට දරුවන් පත්කිරීමට කටයුතු කිරීම එතරම් සුදුසු නෑ. දරුවන් මෙවැනි අවස්ථාවන්වලට පෙලඹවීම සහ රැගෙන යෑම මම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඒක කිසිසේත්ම හොඳ කාරණාවක් නෙමෙයි. අපි දැනගන්න ඕනේ දරුවන්ව ආරක්ෂා කරගන්න." ඒ අනුව දරුවාගේ මව දරුවා ද රැගෙන අද (10) පස්වරුවේ රෝහලෙන් නික්ම ගිය බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.