විදෙස් ගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ගැන ඇමති ගත්ත තීරණය...

By Sithumi Sep 19, 2022 12:34 PM GMT
Report

රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බවට පැවසෙන ශ්‍රී ලාංකිකයින් 7 දෙනාගේ වෛද්‍ය සිසුන් නොවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ ඔවුන් නීතිවිරෝධි ලෙස යුරෝපය බලා ගමන් කිරීමට උත්සාහ කළ පිරිසක් බවය.

අද (19) පෙරවරුවේ පැවති මාධ්‍යහමුවක දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ යුද ගැටුම් ආරම්භයේ දී යුකක්‍රේනයේ සිටි මෙරටට පැමිණීමට කැමැත්තෙන් සිටි සියලුම ශ්‍රී ලංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවය.