අද ඩොලර් මිලේ වෙනසක් නැද්ද? මෙන්න බැංකු අනුව මිල ගණන්

Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Economy of Sri Lanka Dollars Sinhala news
By R.rishma Oct 05, 2026 06:45 AM GMT
Report

පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද  ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ස්ථාවරව පවතී. ඒ අනුව, ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 334ත් 335ත් අතර මට්ටමක පවතී.

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 326.35ක් වන අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 335.60ක් ලෙස නොවෙනස්ව පවතී. NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.10ක් වන අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 335.10කි.

පීපල්ස් බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.48ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 334.57ක් ලෙසත් නොවෙනස්ව පවතී.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 324.34ක් වන අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 334.25ක් ලෙස සටහන් වේ.

මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 326.50ක් වන අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 334.50ක් ලෙස නොවෙනස්ව පවතී.