නොසිතූ මොහොතක එල්ල වූ බරපතළ ප්‍රහාරය..(VIDEO)(විදෙස්)

By Sithumi Jul 04, 2023 04:25 PM GMT
Report

ඊශ්‍රායල් අගනුවර වන ටෙල්අවීව් නගරයේ දී පදිකයින් පිරිසක්ව මෝටර් රථයක හැප්පවූ පලස්තීන තරුණයෙක් ව ඝාතනය කර තිබෙනවා.

ඊශ්‍රායලය පැවසුවේ මෝටර් රථය ගැටීම හේතුවෙන් හත් දෙනෙක් තුවාල ලැබූ බවයි.

මෝටර් රථය පැදවූ තරුණයා ඉන් බැස පදික වේදිකාවේ සිටි අනෙක් පිරිසට පිහියකින් ඇනීමට උත්සාහ කළ විට හමුදා භටයින් ඔහුට වෙඩිතබා ඝාතනය කර තිබුණා.

 මේ දිනවල ඊශ්‍රායල් හමුදා බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුර තුළ සැඟවී සිටින පලස්තීන සටන්කාමීන් ඉලක්ක කර ප්‍රහාරය එල්ලකර තිබෙනවා ටෙල්අවීව් ප්‍රහාරය ඊට එකට එක කිරීමක් ලෙස සැලකෙනවා.



මෙම සිදුවීම බීබීසී පුවත් සේවය මෙලෙස වාර්තා කර තිබුණා.