අද මෙරට සිදුවන සුවිශේෂිම දේ... විදුලි ගාස්තුවලට මොකද වෙන්නේ.
මෙරට විදුලි ගාස්තු සංශෝධනය පසුගිය කාලයේදි ඉතාම සුලබ ලෙස සිදුවුණා. මේ සම්බන්ධයෙන් වැඩි කතා බහට ලක්වුණු දෙයක් තමයි මහජන උපයෝගිතා කොමිසම.
එම ආයතනය හා සමගාමීව අද සුවිශේෂි කටයුත්තක් සිදුවනවා. විදුලි බල පනතට අනුව මේ වසරේ විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිතයි
ඒ අනුව ඊට පෙර මහජන අදහස් විමසීම සිදුකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දුන්න.
ඒ ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම අදයි.
අද පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී වාචික මහජන ලබා ගැනීමේ සැසියක් පැවැත්වෙනවා.
එමෙන්ම අද දිනයේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විවිධ විදුලි පාරිභෝගික කණ්ඩායම්, කර්මාන්ත හා සංවිධාන නියොජනය කරමින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ලියාපදිංචි වී සිටිනවා මහජන අදහස් විමසීම අවසන් වූ පසු ජුලි මස15 වන දින විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසාන තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය වන්නේ කෙසේද යන්න දැනුම් දෙනු ඇති.