ඡන්දෙට අදාළ තවත් පෙත්සමකට අවසර

By Sithumi දින 4 කට පෙර

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) අවසර දී තිබෙනවා. ඒ, නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක්.

මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. 

 පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියම කර තිබුණ ද එය නොපැවැත්වීම තුළින් ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබු මූලික අයිතිය උල්ලංඝනයවීමක් සිදුවී ඇති බව සඳහන් කළා.

පළාත් පාලන ආයතනවල නිල කාලය මේ මස 19 වනදා අවසන් වන බව පෙන්වා දුන් නීතිඥවරයා, ඊට පෙර මැතිවරණයක් පැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වන බවත් පෙන්වා තී තිබෙනවා. 

 නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයින් නම් කර තිබුණද එම කොමිසම වගඋත්තරකරුවෙකු වශයෙන් මැතිවරණ කොමිසම නම් කර නොමැති බව කියා සිටියා.

එය නීතිමය ඌනතාවක් යැයි පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මැතිවරණ කොමිසම අධිකරණය හමුවේ නොමැතිව මෙම පෙත්සම සලකා බැලිය නොහැකි බව සඳහන් කළා දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බව තීන්දු කළා. 

 ඒ අනුව විරුද්ධතා තිබේනම් ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළා ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය ජුනි මස 27 වනදා පැවැත්වීමට ද නියම කළා.   


 ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.


විස්තර