දන්සලක වෑංජන කල්දේරමට වැටී අවාසනාවන්ත ලෙස මිය ගිය තරුණියගේ කතාව.

By Sithumini Jul 03, 2024 12:15 PM GMT
Report


බත් දන්සලක වෑංජන කල්දේරමකට වැටී බරපතළ තුවාල ලබා දින 10ක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් සිසුවියක් මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටී ශයනි මෙතුම්සා වන අතර පොසොන් පොහොය නිමිත්තෙන් පසුගිය 23 දා පානදුර ප්‍රදේශයේ බත් දන්සලක් පවත්වා තිබුණු අතර ඊට පිසින ලද වෑංජන කල්දේරමකට දැරිය වැටී ඇති බවය් වාර්තා වන්නේ.

බරපතළ තුවාල ලබා සිටි දැරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ඇයගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර යවා තිබුණා.

කෙසේවෙතත් දැරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පානදුර දකුණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.