EXCLUSIVE : පරිස්සමෙන්.. නොසැලකිලිමත්කම නිසා ඔබත් අත්අඩංගුවට පත්වීමට පෙර මේ ගැන දැනගන්න .

By Sithumi Sep 06, 2022 06:39 PM GMT
Report

ඔබත් පරිස්සමෙන්.. නොසැලකිලිමත්කම නිසා ඔබ අත්අඩංගුවට අත්අඩංගුවට පත්වීමට පෙර මේ ගැන දැනගන්න ...

අපරාධයක් වෙන්න හේතු ගොඩක් බලපාන්න පුළුවන් බව ඔබ අප සියලු දෙනාම දන්න කාරණයක්. ප්‍රධානම සාධකය නොසැලකිලිමත්කම වෙන්න පුළුවන් . එම නොසැලකිලිමත්කම නිසා විවිධ අපරාධ වලට ඔබත් හසුවිය හැකියි. අප රට තුල දිනක් ඇතුලත සිදුවු අපරාධ ගණන ගණනය කල නොහැකි තරම්ය.

එසේ සිදුවන අපරාධ වලින් පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාසය වෙත ලැබුණු තවත් අපරාධයක සුල මුල හෙලි කිරීමටයි අපේ මේ සූදානම.

නිමල් මෙරට පෞද්ගලික ආයතනයක පරිගණක ග්‍රැෆික් ඩිසයින් තනතුරක නිරත අයෙකි. ඔහු තම ආයතනයට අවංකව සේවය කරන අතර දිනක් හදිසියේම ඔහුගේ ආයතන ප්‍රධානියා තම ආයතනය වසා දමා පිට රටක පදිංචියට යාමත් සමග ඔහුද මෙම රැකියාවෙන් ඉවත් විය.

පසු කලෙක මොහු වෙනත් ආයතනයක සේවකයෙකු වශයෙන් සේවයේ නිරත වෙමින් සිටියදි නොසිතූ නිමේශයක තම දෙමාපියන්ගේ නිවසට පොලිසියෙන් පැමිණිමත් සමග කලබල වු මොවුන් සිදුවු කිසිදු වරදක් ගැන නොදැන කර කියා ගතනොහැකි තත්ත්වයකට පත්වි සිටිහ.

ඒ වන විටත් නිමල් ගෙදර නොසිටි බැවින් පොලිස් නිලධාරින් හට ආපසු යාමට සිදුවිය. පසුව නිමල් රාජකාරියට ගොස් ගෙදර පැමිණි විට දෙමාපියන් මෙය පැවසීමත් සමග පොලිසියට ගිය නිමල්ට නතර විමට සිදුවුයේ පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාසයෙනි. කිසිදු වරදක් නොකළ ඔහුට සිදුවු කිසිදු දෙයක් සිතා ගැනීමට නොහැකිව හැල හොල්මන් වි බලා සිටියේය.

පසුව පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාස නිලධාරින් සියල්ල පැහැදිලි කර දෙන්නට පටන් ගත්තේය . නිමල් ගෙන් ඔහු නමට ගත් තවත් තමන් භාවිතා නොකරන සිම් පතක් ඇතිදැයි විමසු නිලධාරින් හට නිමල් පවසා සිටියේ තමා හට එසේ සිම් පතක් නොමැති බවයි.

නමුත් පසුව ඔහුට මෙම කරුණු එකින් එක වැටහි ගියාය. ඔහු දැන් රැකියා කරන ආයතනයට පෙර සේවය කල ප්‍රධාන ආයතනයක සිටිය සමයේදි තමන් තම නමට සිම් පතක් මිලදි ගත් බවත් පසුව තම ප්‍රධානියා සියල්ල හැර වෙනත් රටකට ගිය පසු නිමල් හට දුරකතන ඇමතුමක් මගින් ඔහුගේ සිම් පතට අයත් whatsapp ගිණුමේ රහස් කේතය(OTP) ඉල්ලා ගත් බවත් පසුව යලි කිසි දිනක නිමල් එම සිමිපත භාවිතා නොකල බවත් නිමල්ට සිහිවු විගස ඔහු ඒ සියල්ල අපරාධ පරික්ෂණ නිලධාරින් හට පවසා සිටියේය. 

නිමල් නිර්දෝශි බව වටහා ගත් නිලධාරින් සියලු කරුණු කාරණා නිමල් හට එක පෙලට පැවසුවේය. සිදුව ඇත්තේ මෙරටින් වෙනත් රටකට ගිය නිමල්ගේ ප්‍රධානියා මෙරට සුප්‍රසිද්ධ ප්‍රධාන පෙලේ ආයතනයක් නමින් ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම වෙබ් අඩවියට තමන්ගේ දුරකතන අංකය දමා ඇති බවත් එවිට ප්‍රධාන ආයතයේ නම භාවිතා කර කෝටි ගණනක වංචාවක් සිදුකර ඇති බවත් නිමල්ට වැටහි ගියේය.

ඔහු තමන් මෙම ආයතනයේ ප්‍රධානියා බව පවසා මෙරට ප්‍රධාන පෙලේ ආයතනයකටට ආයෝජනය කරන මුවාවෙන් ආයෝජකයන් රවටා මුදල් කොල්ල කා ඇති බවත් එය මෙරට ප්‍රධාන ආයතනයේ ප්‍රධානින්ගේ ඇස ගැටී අපරාධ විමර්ශණ කොට්ඨාසයට පැමිණිල්ල පැමිණි බව නිමල් එකින් එක සීරුවට දැන ගත්තේය.

පසුව නිමල් හට සියල්ල වැටහි ගියද ඒ වන විටත් බොහෝ දේ සිදුවි හමාරය. පසුව අපරාධ විමර්ශණ නිලධාරින් මෙරට ප්‍රධාන ආයතනයේ ප්‍රධානින් සහ නිමල්ද එක්ව නිමල්ගේ නමට තිබු සිම්පත් හා එම දුරකතන අංකයට ඇති සියළු ගිණුම් වසා දමන ලදී.

පසුව වෙබ් අඩවියද අඩාල කලේය. සිදුවු දෙයක් සිතාගත නොහැකිව සිටි නිමල් සියලු ගැටලු නිරාකරනය කර ගැනීමෙන් පසුව නිමල් අතේ කිසිදු වරදක් නැති බව වටහා ගත් නිලධාරින් සහ එම ආයතනය නිමල් නමින් නඩු මගට නොබැස්සේය.නිමල්ගේ පෙර පිනකට හා ඔහු වරදක් නොකල බැවින් ඔහු මෙම වරදින් ගැලවි ගියේය.

මෙය ශ්‍රි ලංකා පොලිස් අපරාධ විමර්ශණ කොට්ටාසය හට ලැබී ඇති සත්‍ය පැමිණිල්ලක් බැවින් මෙය අප ඔබ හට සිදුකල අනාවරණයක් වන අතර  මෙහි ඇති නම් ගම් සියල්ල මනංකල්පිත වේ.

තමා සතු  ගිණුම් වෙනත් දුරකථන අංක ගැන සැලකිලිමත් විය යුතු අතර තම සමීපතමයෙකුට හැර අන් කිසිවෙකුට තම නමට ඇති කිසිදු දෙයක් නොදීමට වග බලා ගන්න.