ඔබත් පරිස්සමෙන් රට තුළ කාලගුණයෙන් අවදානම් සහගත තත්ත්වයක්... (ViDEO )

By Sithumi Aug 01, 2022 02:58 PM GMT
Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටඅවදානම් නිවේදන නිකුත්කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

අදියර I යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, පාලින්දනුවර, වලල්ලාවිට, බුලත්සිංහල යන ප්‍රදේශත්, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, පස්භාගේ කෝරළයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට, අරණායක, දෙහිඔවිට යන ප්‍රදේශත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ, නුවරඑළිය යන ප්‍රදේශවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක යන ප්‍රදේශවලටත් අවදානම් නිවේදන නිකුත්කර ඇත. 

 අදියර II යටතේ කුරුවිට, ඇහැළියගොඩ, කොළොන්න, අයගම, ඇලපාත, බලංගොඩ, ඉඹුල්පේ, ගොඩකවෙල, කිරිඇල්ල, කහවත්ත, නිවිතිගල, රත්නපුර, කලවාන සහ පැල්මඬුල්ල යන ප්‍රදේශවල ජනතාවට අනතුරු අඟවා තිබේ. මීට අමතරව, නිල්වලා ගඟ ද්‍රෝණිය, කැලණි ගඟේ කිතුල්ගල ප්‍රදේශයට සහ කළු ගඟේ රත්නපුර ප්‍රදේශයේද ජල මට්ටම් වැඩිවීමේ තත්ත්වයන් අඛණ්ඩව සිදුවිය හැකි බව ඒ මහතා පවසයි. මහවැලි ගඟේ ජල මට්ටම නාවලපිටිය ප්‍රදේශයෙන් ඉහළගොස් ඇති අතර ගඟ අසල සිටින පිරිසට දැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම්දෙයි.

කුකුළේ ගඟේ වාන් දොරටුවක් විවෘත කර ඇති අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් අදාළ ප්‍රදේශවල ජනතාවට ඒ සම්බන්ධව අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ. ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එකතුව මුදවා ගැනීමේ කණ්ඩායම් අදාළ ප්‍රදේශයන්හි ස්ථානගත කර ඇති බැවින් 117 දුරකථන අංකය අමතා අපදා සම්බන්ධයේ තොරතරු විමසීමට සහ දැනුම්දීමට හැකි බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවසීය.

අයහපත් කාලගුණය  තත්ත්වය හේතුවෙන් අද සිදු වූ භයානක තත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.