තියුණු ප්‍රහාරයකින් පුද්ගලයකු ඝාතනය කළ භයානක සිදුවීම..

By Sithumi Nov 22, 2022 04:36 PM GMT
Report

පිරිසක් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. 

ඊයේ (21) රාත්‍රියේ සීදූව පොලිස් වසමේ කුරණ ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

 35 හැවිරිදි කුරණ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති අතර මරණකරු බිරිඳ හා දරුවන් සමග කුරණ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර අසල පදිංචිකරුවන් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔවුන් සියලුදෙනාම එම ප්‍රදේශයේම පිහිටි පුරුෂයාගේ මවගේ නිවසේ තාවකාලිකව නතර වී සිට තිබේ. 

 එසේ සිටියදී පුද්ගලයින් සිව් දෙනෙකු පමණ කඩු රැගෙන මරණකරු සොයා පැමිණ ඇති බවත් එහිදී මරණකරු පිරිස දැක දිවයෑමේදී සැකකරුවන් ඔහු පසුපස ලුහුබැඳගොස් කඩුවලින් කපා තුවාල සිදුකර පළාගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා. 

  සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.