පරිස්සමෙන් මේ වරද සිදු කරන ඕනම කෙනෙක්ට මරණ දඩුවම..

Sri Lanka Police Sri Lanka
By Sithumi Nov 24, 2022 01:13 PM GMT
Report

ශ්‍රී ලංකාව තුළ අයිස් ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඕනෑ ම පුද්ගලයකුට මරණ දණ්ඩනය පැනවීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් පැවරී ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා. 

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ඊයේ (23) සිට ක්‍රියාත්මක වන 2022 අංක 41 දරන වස විස, අබිං සහ අන්තරායකර ඖෂධ (සංශෝධන) පනත යටතේ, අධිකරණය වෙත ඊට අදාළ බලතල පවරා ඇති බවයි. 

 එමෙන්ම මීට පෙර මේ ආකාරයේ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තිබියදී මරණ දණ්ඩනය නියම කිරීමට අධිකරණයට හැකියාව තිබුණේ, හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ වරදට පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. 

 රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ අතර පාසල් සිසුන් සතුව අයිස් ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන් ළමා රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කිරීමේ හැකියාව පවතින බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now