තවත් භයානක වෙඩි තැබීමක්.. පොලිස් වෙඩි පහරින් 22 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට.

By Sithumi Oct 23, 2022 11:21 AM GMT
Report

මීගමුව, ආඬිඅම්බලම ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (23) සවස 2.30ට පමණ මීගමුව ඔරලෝසු කණුව අසල දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු යම් කොල්ලයක් සිදුකර පළා යන අවස්ථාවේ දී පොලීසිය ඔවුන් පසුපස හඹා ගොස් ඇත. 

 එහිදී යතුරුපැදියේ ගිය පුද්ගලයින් විසින් පොලීසියට වෙඩි තබා ඇති අතර, එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී යතුරුපැදියේ ගමන්ගත් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 

 එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 22ක් වූ තරුණයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. අනෙක් පුද්ගලයා ද මේ වනවිට තුවාල ලබා මීගමුව රෝහල ට ඇතුළත් කර තිබේ.