භයානක ලෙස අදත් සිදුවූ මංකොල්ලය..

By Sithumi Sep 27, 2022 05:10 PM GMT
Report

පිළියන්දල මකුලුදූව කෝටිපති ව්‍යාපාරික නිවසකින් අද (27) දහවල් රුපියල් කෝටි දෙකකට අධික වටිනා වටිනාකම රන් භාණ්ඩ සහ විදේශ මුදල් තොගයක් සොරාගෙන ගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 

පැමිණි සොරුන් නිවසේ අල්මාරියේ තිබූ පවුම් හැත්තෑවකට අධික රන් භාණ්ඩ සහ යුරෝ මුදල් මෙලෙස සොරාගෙන ගොස් ඇත.

අල්මාරියේ රහස් ලාච්චු වෙ තැන්පත් කර තිබූ රන් භාණ්ඩ සහ විදේශීය මුදල් එලෙස සොරාගෙන ගොස් ඇත සොරකම සිදු වන සිදුවන අවස්ථාවේදී නිවසේ කිසිවෙකු සිට නැතැයි ද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත සොරකම සඳහා පැමිණි පුද්ගලයන් කූඩුවල රඳවා සිටි සුනඛයන් කූඩුවල දොරවල් විවෘත කර පිටතට යවා සොරකම සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත ව්‍යාපාරික නිවස පිළිබඳව හොඳින් දන්නා පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙම සොරකම සිදුකර ඇතැයි පොලිසිය සැක කරයි. 

සොරකම පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් නිල සුනඛ යන් සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද යෙදවීමට නියමිත ය පිලියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රන්ජිත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ පවත්වයි