හැමෝම කතාවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු බවට පත්වු හැමෝම දන්න කෙනා මෙන්න..

Sri Lanka Cricket Sports
By Sithumini Aug 13, 2024 12:31 PM GMT
Report


ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන පුහුණුකරු ලෙස පසුගියදා සනත් ජයසූරිය පත්කිරීමත් සමග ප්‍රේක්ෂකයන්ගේ දැඩි ප්‍රසාදයක් ඇතුවුණා.

ඒ ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ලැබූ දැවැන්ත එක්දින ජයත් සමගින්.

එවැනි පසුබිමක එළැඹෙන එංගලනත ටෙස්ට් සංචාරය සදහා එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක ඉයන් බෙල් ව එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඔහු කණ්ඩායම සමග අගෝස්තු 16 වනදා සිට තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය නිම වන තෙක් කටයුතු කරන බවයි.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 118කට ක්‍රීඩා කර ඇති බෙල් එහිදී ලකුණු සංඛ්‍යාව 7727ක් රැස් කර තිබෙනවා. ඒ අනුව ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීම සදහා ඔහු හොද මෙහෙවරක් ඉටු කරනු ඇති බවයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ.