ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් - පළාත් 7ක ජනතාවට විශේෂ දැනුම්දීමක්
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට බලපාන පරිදි ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අද (06) පස්වරු 1.00 සිට හෙට (07) අලුයම 1.00 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ස්වාභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව උතුරු, උතුරු මැද, බස්නාහිර, නැගෙනහිර, ඌව, දකුණු සහ සබරගමුව පළාත්වල ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ තද වැසි ද ඇතිවිය හැකි බවත්, එමඟින් ප්‍රවාහන, විදුලි සහ සන්නිවේදන සේවාවලට බාධා ඇතිවීමේ හැකියාවක් පවතින බවත් දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
අකුණු සැර වැදීමෙන් පුද්ගලයන්ට තුවාල සිදුවීමේ මෙන්ම විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණවලට හානි සිදුවීමේ අවදානමක් ද පවතින බැවින් ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවට උපදෙස් දී තිබේ.
ඒ අනුව ක්‍රීඩා, ඉදිකිරීම් සහ කෘෂිකාර්මික කටයුතු ඇතුළු සියලුම එළිමහන් ක්‍රියාකාරකම් තාවකාලිකව නතර කරන ලෙසද දැනුම් දී ඇත. එමෙන්ම ආරක්ෂිත ගොඩනැගිල්ලක හෝ වසා දැමූ වාහනයක රැඳී සිටින ලෙසත්, විවෘත භූමි, හුදකලා ගස්, වෙරළ තීරයන්, ගංගා සහ අනෙකුත් ජල කඳන් ආශ්‍රිත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් ජනතාවට අවවාද කර තිබේ.