පළමු එක්දින තරගය අවසානයේ ජය පරාජය තීරණය වූ අයුරු

Cricket Sri Lanka Cricket Sri Lanka Australia Cricket Team
By Sithumi Jun 14, 2022 06:13 PM GMT
Report

ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 2කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් බිඳ වැටී ලකුණු 300ක් රැස් කළේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 53ක් තුළ ලකුණු 55ක් රැස් කළේය. පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඇෂ්ටන් ඒගාර් සහ මානස් ලබුශේන් කඩුලු 2 බැගින් දවාගත්හ.

තරගය අතරවාරයේ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 44ක් තුළ ලකුණු 282ක ඉලක්කයක් හිමි විය. කෙසේවෙතත් පන්දුවාර 42ක් පන්දු 3ක් තුළ කඩුලු 8ක් දැවී ඔස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය. 

 ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 80ක් අතර ස්ටීවන් ස්මිත් ලකුණු 53ක් රැස් කළේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 4ක් දවා ගත් අතර සිය මංගල තරගය ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2ක් දවාගත්තේය.